වෙසක් පොහෝ දින ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඊට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බව ද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කරයි.
ජනාධිපති සමාව යටතේ අනීතික ලෙස සිරකරුවන් නිදහස් කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.