වී සඳහා අවම මිල මිල මෙන්න… කිලෝවට රු. 120යි…!

February 5, 2025 at 11:56 am | by emanisa.lk

වී අලෙවි මණ්ඩලය රජය වී කිලෝවක් සඳහා රු. 120ක් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එකතු විය.

එහි දී කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මෙසේ ද කීය.

“අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නවා රුපියල් 120ට. සම්බා වී කිලෝ එකක් මිලදී ගන්නවා 125කට. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා. සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *