වී කිලෝවට ගොවියාට දෙන්නේ රු. 80යි… මෝල්කාරයෝ සුපිරි කාර් ජෙට් ගන්නවා…!

February 18, 2026 at 3:46 pm | by emanisa.lk

වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී ඇතැයි ගොවි අරගල සන්ධානයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සඳහන් කරයි.

පොළොන්නරුවේ ප්‍රධාන වී මෝල් හිමියන් වී මිලට ගනු ලැබුවේ කිලෝව රු. 85 බැගින් බවද ඔහු පෙන්වා දෙයි.

දැන් එක් වී මෝල් හිමියෙකු ලෝකයේ ඇති වටිනාම කාර් 25න් එකක් මිලදී ගෙන ඇති බවද අනෙක් මෝල් හිමියා සිංගප්පූරුවට ජෙට් යානයක් මිලට ගැනීමට ගොස් ඇති බවද විමල් වත්තුහේවා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *