වීසා ගැටලුව විසඳුවේ ආණ්ඩුව නෙමෙයි.. අධිකරණයට ගොස් තීන්දුව ගත්තේ අපි…! – පාඨලී…

September 29, 2024 at 4:51 pm | by emanisa.lk

පසුගිය සමයේ විශාල ආන්දෝලනයක් ඇති කළ වීසා ගැටලුව විසඳීමට කටයුතු කළේ ජනාධිපති අනුර දිසානායක හෝ ඇමති විජිත හේරත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඊට විසඳුම් ලබා දුන්නේ තමන්, එම්.ඒ. සුමන්දිරන් සහ රවූෆ් හකීම් ඉදිරිපත් කළ පෙත්සමට ‍ශ්‍රේෂ්ඨාධීකරණය ලබා දුන් තීන්දුව බවයි, ඔහු සඳහන් කළේ.

අධිකරණය අගෝස්තු 02 වන දින අතුරුතහනම් නියෝගයක් ලබා දුන්න ද එය පිළිනොගත් නිසා අවසානයේ ආගමන විගමන කොමසාරිස්ට බන්ධනාගාරගත වීමට සිදු වූ බව ද නීතිපතිවරයා අදාළ නියෝග ලබා දී නැවත පැරණි ක්‍රමයට වීසා ලබා දීම ආරම්භ කළ බව ද පාඨලී චම්පික අවධාරණය කරයි.

මෙම e visa ක්‍රමය ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු නිර්දේශ කොට තිබුණේ එම කටයුතු VFS සමාගමට නොව ලංකාවේ මොබිටෙල් සමාගමට ලබා දීමට බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මෙම ක්‍රියාදාමය පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකරන බව ඇමැති විජිත හේරත් පවසා ඇති බවත් එය අගය කරන බවත් පාඨලී චම්පික රණවක සඳහන් කළේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *