අද (08) දින තමන්ට විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව අද පෙරවරුවේ ඊට කාල වේලාව වෙන් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව අද පෙරවරු 11.23ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා කටයුතු කළේය.
එහෙත් ඒ අවස්ථාව වන විට ඇමැති ගම්මන්පිල සභා ගැබේ නොසිටීම විශේෂ සිදුවීමක් විය.
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් විසින් ගම්මන්පිල ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගෙන තිබිණි.