විශ්වවිද්‍යාල නවක වදයට කිසිම සමාවක් නෑ…! – අගමැතිනිය…

August 4, 2025 at 9:38 am | by emanisa.lk

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට එකතු වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත් කිරීම බවයි.

විශ්වවිද්‍යාල, හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම සිය රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *