විල්පත්තු වනාන්තරය ආශ්‍රිතව නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටි හමුදා සාමාජිකයන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් තිදෙනකු මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව අනාවරණය වී තිබේ.
හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරයේ දී එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනෙක් දෙදෙනා පළා ගොස් ඇති බව දැනගන්නට ඇත. තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ආයුධ සන්නද්ධ කල්ලිට දඩයක්කරුවන්ද, එසේත් නැතිනම් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.