ඊයේ සිය විරෝධතා පා ගමනට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් සමගි ජන බලවේග බුද්ධි අංශ මගින් මේ වන විටත් හඳුනා ගෙන අවසන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළේ, ඒ සියලු දෙනාට එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් කඩකිරීමේ නඩු පවරා උසාවියට රැගෙන යන බවයි.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට මෙලෙස ප්‍රහාරයක් එල්ල කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද ඇය ප්‍රකාශ කළාය.
ඊයේ රනිල් වික්‍රමසිංහ විසින් පහර දුන් සියලු දෙනා මීට පෙර ඔහු නියෝජනය කළ කඳවුරේ ජනතාව බව ද හිරුණිකා වැඩි දුරටත් සඳහන් කළාය.