මාලිමා ආණ්ඩුව පුංචි පුංචි කෙනිත්ත්ලිවලින් කිසිසේත් රිදවිය නොහැකි බව නි. අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
“කවදාවත් නොහිතපු විදිහට මේ රටේ විරාජමානව වැජඹුනු ඇතැම් නායකයෝ කිසිවෙක් බලපොරොත්තු නොවුණු විදිහට උසාවිවල ඉන්නවා අපි දකිනවා.
මේක තමයි, මොවුන්ට තියෙන බිය. ඒ නිසා ඔවුන් දන්නවා වැරැද්දක් කළ අය හැටියට කොයි වෙලාවක හරි තමන් ළඟටත් මේ ඉරණම එනවා කියලා.
අපි සහතික කරලා කියනවා මේ රටේ ජනතාව විශ්වාසයෙන් ගොඩනැගූ මේ ජනතාවාදී ආණ්ඩුව කිසිදු ආකාරයකින් පුංචි පුංචි කෙනිත්තිලිවලින් රිද්දන්න පුළුවන්කමක් නෑ.”