විමල් නවකතාකාරයෙක් කළේ ජූලි චන්ග්…! – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක…

March 8, 2025 at 2:05 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රබන්ධ සාහිත්‍යකරණයට පිවිසීමේ ගෞරවය ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්ට හිමි විය යුතු බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක පවසයි.

විමල් වීරවංශ 9 සැඟවුණු කතාව කෘතිය රචනා කොට ජනගත කළ දිනයේ තමන් පැමිණ පොත රැගෙන ගොස් එය පසුව කියවීමට තබා රාත්‍රී නින්දට ගිය බවයි, ඇය පෙන්වා දෙන්නේ.

එහෙත් විමල් වීරවංශ සිංහල බසින් ලියූ පොත එදින රාත්‍රීයේම ජූලි චන්ග් කියවා පසුදින පාන්දර විමල් වීරවංශ සාර්ථක ප්‍රබන්ධයක් ලියා ඇතැයි ඉංගිරිසි බසින් x සටහනක් තැබූ බව චන්දිමා නිශ්ශංක ප්‍රකාශ කරයි.

මේ ආකාරයට විමල් වීරවංශ ප්‍රබන්ධකරුවෙකු ලෙස ජාත්‍යන්තර වශයෙන් ඇගයුමට ලක් කිරීම ඔහු එම ක්ෂේත්‍රයට පිවිසීම ඉක්මන් කළා විය හැකි බව ද ඇය සඳහන් කරයි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මේ බව ප්‍රකාශ කළේ විමල් වීරවංශ රචනා කළ සඳේ ගින්දර නවකතාව එළිදැක්වීමේ උත්සව අවස්ථාවට ඊයේ (07) එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *