විමල් – උදය මගේ පියා වෙනුවෙන් බොහෝ කැපවීම් කළා… ඔවුන්ට සුබ පතනවා…! – නාමල්…

June 19, 2024 at 4:49 pm | by emanisa.lk

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සිය පියා සහ කඳවුර වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඔවුන්ට අවශ්‍ය නම් නව දේශපාලන පක්ෂ පිහිටුවීමට, අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත් ඒවා විවේචනය කිරීමට තමන්ට අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එසේ ම ඔවුන්ගේ නව ගමනට සුබ පතන බව ද සිය කඳවුරු රැකගත හැකි පුද්ගලයා සමග යා යුතු බව අදටත් විශ්වාස කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *