විමල්ගේ සඳේ ගින්දරින් ආණ්ඩුව ඇවිළෙයි… අවසාන මොහොතේ ලැජ්ජා නැති වැඩක…!

March 5, 2025 at 2:24 pm | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් රචිත සඳේ ගින්දර නවකතාව එළිදැක්වීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරය ලබා දිය නොහැකි බව එම ආයතනය දැනුම් දී තිබේ.

මෙම ශ්‍රවනාගාරය කල් වේලා ඇතිව අදාළ මුදල් ගෙවා නිත්‍යානුකූල ලෙස වෙන් කරගෙන ඇති අතර අවසාන මොහොතේ බලධාරීන් ගත් මෙම තීන්දුව නිසා තමන් බලවත් අපහසුතාවට පත්වූ බව විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

1988-89 භීෂණ සමයේ අත්දැකීම් පාදක කරගෙන මෙම කෘතිය රචනා කර ඇති අතර ඊට බියට පත් බලධාරීන්ගේ නියෝග අනුව මෙම තීන්දුව ගෙන ඇතැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පසුගිය ඇතැම් ආණ්ඩු සමග තමන් දැඩි ලෙස ගැටුණ ද කිසි දිනක මෙවැනි නිවට තීන්දුවක් ගෙන නොමැති බව ද මෙම ශ්‍රවනාගාරය සංස්කෘතික අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් අද (05) විමල් වීරවංශ ප්‍රකාශ කළේ, අදාළ පොත් එළිදැක්වීමේ උළෙල බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අවධාරණය කරයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *