විභාග ඇගයීිම් දීමනා තවම ලබා දී නෑ..! – මහින්ද ජයසිංහ..

December 30, 2023 at 2:26 pm | by emanisa.lk

සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම් දීමනා මෙතෙක් ගුරුවරුන්ට ලබා දී නොමැති ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එළැඹෙන උසස් පෙළ විභාග අධීක්ෂණ ගුරුවරුන්ට ලබා දෙන ඇතැම් දීමනා ද කප්පාදු කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් පවසන්නේ පසුගිය විභාග ඇගයීම්වලට අදාළ සියලු ගෙවීම් ලබන 31 වැනිදා වන විට ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *