විපක්ෂ සන්ධානවලට පොහොට්ටුව නෑ…. විපක්ෂය ජයගත් සභාවලට සහය දෙනවා…! – සාගර කාරියවසම්…

May 15, 2025 at 5:39 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීම උදෙසා ගොඩනගන සන්ධානයට තමන් එකතු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහ ලේකම් සාගර කාරියවසම් පෙන්වා දෙන්නේ තමන් එජාපයට සහ සජබයට වෙනස් ප්‍රතිපත්ති මත දේශපාලනය කරන පක්ෂයක් බවයි.

කෙසේ වුව ද යම් පළාත් පාලන ආයතනයක ආණ්ඩුවට වඩා විපක්ෂයට ආසන ප්‍රමාණයක් ඇත්නම් ජනතා මතයට ගරු කරමින් විපක්ෂ කණ්ඩායම්වලට සුදුසු පරිදි බලය පිහිටුවීමට සහයෝගය ලබා දෙන බව ද ඔහු අවධාරණය කරයි.

සිය ඉලක්කය 2029 ජනාධිපතිවරණය බවත් පළාත් පාලන ආයතන සඳහා සන්ධාන ගොඩනැඟීම වැනි කටයුතුවලට තමන් සම්බන්ධ නොවන බවත් සාගර කාරියවසම් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *