2026 වසරට යෝජනා කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය සඳහා රු. මිලියන 11337ක් ඇස්තමේන්තු ගතකර තිබේ.
2025 වසරේ ජනාධිපති වැය ශීර්ෂය සඳහා රු. මිලියන 8992ක් වෙන් වූ අතර ඊට සාපේක්ෂව මෙවර රු. මිලියන 2385කින් මෙවර ජනාධිපති වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ.
කෙසේ වුව ද වර්තමාන ජනාධිති අනුර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැය ශීර්ෂය දැඩිව විවේචනය කරමින් ප්‍රකාශ කළේ ඉන් 90%ක් කපා දමන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ජනාධිපති වැය ශීර්ෂය රු. බිලියන 2.8ක් වූ අතර ඊට සාපේක්ෂව මෙවර ජනාධිපති වැය ශීර්ෂය රු. බිලියන 8කින් පමණ ඉහළ ගොස් තිබේ.