විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වැටුප් කපන්න අපට බෑ… අපේ වැටුප් නම් පොදු අරමුදලට යනවා…! – ලක්මාලි හේමචන්ද්‍ර….

November 28, 2024 at 4:58 pm | by emanisa.lk

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කපන බවට කිසිදු අදහසක් සඳහන් කර නොමැති බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නිශ්චිත කරුණු එහි ඉදිරිපත් කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කපන්නේ යැයි තමන්ට කිව නොහැකි බවත් මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

එහෙත් ජාතික ජන බලවේග මන්ත්‍රී වැටුප් පොදු අරමුදලකට බැර වන අතර එමගින් තමන්ට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලැබෙන බවත් ලක්මාලී හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.

දෙරණ වාදපිටිය වැඩසටහනකට එකතු වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *