විපක්ෂ මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි… තීන්දු තීරණ ගන්න බලයක් ඔවුන්ට දෙන්නෑ…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…..

June 28, 2025 at 9:06 am | by emanisa.lk

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ කරගන්නේ හුදෙක් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට මිස තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔවුන්ට ලබාදීමට නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“සුන්බුන් එකතු කරගැනීමක් කිසිම අවස්ථාවක වෙන්නෑ. දැන් ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට, මේ ප්‍රශ්නය අහන ඔබතුමාත් සමහර විට ඡන්දය දෙන්න ඇත්තෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වෙන්න ඇති. හැබැයි මෙවර මැතිවරණයේදී ඡන්දය දෙන්න ඇත්තෙ අනුර කුමාර දිසානායක මැතිතුමාට වෙන්න ඇති.

ඒ වගේ තමයි 69 ලක්ෂයක් හිටියා ඒත් අර අවස්ථාවේදී අපට ඡන්දය ප්‍රකාශ නොකරපු. ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් නොවිච්ච. හැබැයි මේ අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් අදහස් වෙන්නෙ නෑ කිසිම අවස්ථාවක – මේ තියෙන ගමනත් එක්ක එකතුවෙලා, එකතුවෙලා කියන්නෙ ගමන හරියාකාරව දැකලා ඒ සඳහා ආශීර්වාද කරන පිරිස හැර ඒ තීන්දු තීරණ ගැනීමේ බලයක් ලැබීමක් නෙවෙයි සිද්ධ වෙන්නෙ.

මෙතනදී සිද්ධ වෙන්නෙ මේ තියෙන ප්‍රතිපත්ති, මේ තියෙන ගමන පිළිබඳ එකඟතාව පළවෙලා එයට උදව් කරන්න, එයට අත උස්සන්න පැමිණෙන පිරිසක් හැර තීන්දු තීරණ ගැනීමේදී පක්ෂයකට එකතු වීමක්වත් පක්ෂයත් එක්ක සන්ධානගත වීමක්වත් නෙවෙයි ඔතනදී සිදුවෙන්නේ.”

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *