පරාජිත කණ්ඩායම් දැන් නැවතත් එකතු වන බව ප්‍රකාශ කරන්නේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඔවුන් අතර කිසිදු ඒකාග්‍රතාවක් නොමැති බවත් වැස්සකට කුඩයක් යට පවා සිටීමට නොහැකි බවයි.
එහෙයින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තමන් විශේෂ කලබලයක් නොමැති බව ද දේවානන්ද සුරවීර අවධාරණය කරයි.