2019 වසරේදී හරියට අඳින්න ඇඳුමක් පවා නැති බවත් ආර්ථික ප්‍රශ්න මැද ඉතාම අමාරුවෙන් ජීවත්වන බවත් කී ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ වන විට සුපිරි නිවසක හිමිකරුවෙකු බව මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
“ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල.
ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන, නවීන අංගෝපාංගවලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්.
හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව. අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා.
2019දි ලාල්, තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව – අත දික්කරල පෙන්නල – අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නෙ අද, මොකද මම ඇඳන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්වා.”
FB