විපක්ෂයේ සිටියදී ඩ්‍රෝන කැමරා සහ වෙනත් උපකරණ මෙරටටඑන අය පසුගිය පාලන සමයේ රාජ්‍ය බලය තිබූ පුද්ගලයන් මොන මොන දේවල් මෙරටට ගෙන එන්නට ඇත්දැයි නි. ඇමති නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.
“දැන් නීතිය කාටවත් සමානව ක්‍රියාත්මක වෙනවා. හිතාගන්න බැරි කට්ටිය බන්ධනාගාර බස්වල පාර්ලිමේන්තුවට එනවා, උසාවියට යනවා.
එහෙම පරිසරයක් ඇතුලේ ආණ්ඩුවක් නැති තත්ත්වය තුළ විපක්ෂයේ ඉද්දි ඩ්‍රෝන කැමරා තව දේවල්ද ඔය විදියට ගේන්න හයියක් තියෙනවා නම්, නීතිය හරියට ක්‍රියාත්මක නොවුණු පරිසරයක් ඇතුලේ දේශපාලන අධිකාරියේ බලපෑම නිසා රාජ්‍ය බලය තිබුණු වකවානුව තුළ මේ අය මොන මොන දේවල් ගේන්න ඇද්ද? ඒක තමයි ජනතාවට හිතාගන්න තියෙන කාරණය.”
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳගේ ගමන් මලුවල බහා අනුමැතියකින් තොරව ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.