විපක්ෂෙ කාලේ කෝලිකුට්ටු නැටු හයි කරන විශේෂඥයොත් හිටියා…. දැන් ඉන්න විශේෂඥයොත් නැවෙන් පනිනවා…!

January 13, 2026 at 10:10 am | by emanisa.lk

රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, විදේශ ප්‍රතිපත්ති ආදී අංශ ගණනාවක් කිසිදු විශේෂඥ මැදිහත්වීමකින් තොරව ඔහේ ඇදී යන බවත් ආණ්ඩුව සමග විශේෂඥයන් එකතුවනු වෙනුවට සිටින අය ද ආණ්ඩුව අතහැර යන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන පවසයි.

“බලයට පත්වීමට පෙර අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ දුර්වල නැට්⁣ට නිසා ඉදුන සැනින් බිමට කඩා වැටෙන කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියට සවි ශක්තිමත් නැට්ටක් සාදා දිය හැකි විශේෂඥයින් පවා ජාතික ජනබලවේගය වටා එකතු වී සිිිටින බවය.

එහෙත් දැන් පෙනී යන්නේ එවැනි විශේෂඥයන් ආණ්ඩුව වටා එකතු වී නැති බවය. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, විදේශ ප්‍රතිපත්ති ආදී අංශ ගණනාවක්ම ඔහේ ඇදී යන්නේ කිසිදු විශේෂඥ මැදිහත්වීමකින් තොරවය. අලුතෙන් විශේෂඥයන් එනවාට වඩා දැන් සිදුවෙමින් පවතින්නේ මෙතෙක කලක් සිටි විශේෂඥයන්ද ආණ්ඩුවේ ආයතන හැරදා යමින් සිටීමය.

අලුත්ම උදාහරණය තොරතුරු දැනගැනීමේ කොමිසමේ කටයුතු කළ කාගේත් ගෞරවය දිනාගත් වෘත්තිකයකු වන නීතීඥ ජගත් ලියනාරච්චි මහතාගේ ඉල්ලා අස්වීමය. ජගත්ගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බව මම ඔහුගෙන් දැනගතිමි. දේශපාලන හේතු ඇතිව හෝ නැතිව, වැඩ කරන්නට හැකි වෘත්තිකයන් ආණ්ඩුවේ වැදගත් ආයතන හැරදා යමින් සිටීම දැන් පැහැදිලිවම පෙනෙන ප්‍රවණතාවකි. (ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ධුරයෙන් දිලීප විතාරණ මහතා ඉල්ලා අස්වීම මෙහිදී විශේෂයෙන් අපගේ මතකයට නැගේ).

නීතිඥ ජගත් තම වෘත්තික ජීවිතයේ ප්‍රමුඛත්වය දුන්නේ පෞද්ගලිකව මිල මුදල් දේපල රැස්කිරීමට නොව නීතිය මහජන සේවාවක් ලෙස භාවිතා කිරීමේ විවිධ ක්‍රියාකාරකම්වලටය, නීති ආධාර, මහජන හිතකර නඩුකටයුතු, පරිසර නීතිය, ජනමාධ්‍ය නීිති පුතිසංස්කරණ ආදී කටයුතුවල නිමග්න වී දැණුමෙන්ද අද්දැකීමෙන්ද පොහොසත් වූ ඔහු ,මේ ඉල්ලා අස්වීම සිදු වන විට අවුරුදු 10 කට ආසන්න කාලයක් තොරතුරු දැනගැනීමේ අයිතිය ක්ෂේත්‍රයේ බොහෝ කැපවීමෙන් වැඩ කරමින් සිටියේය.

ඇත්ත වශයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කරන කාලයේ සිටම මේ ක්ෂේත්‍රයේ වැඩ කළ ඔහු මේ වන එම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ක්‍රියාන්වීතයේ ඕනෑම අංශයක් පිළිබඳ හසල අවබෝධයක් සහිත ප්‍රමුඛ විශේෂඥයකු වී සිටි. ඔහුගේ ඉවත්ව යෑම තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉමහත් පාඩුවක් හා අභියෝගයක් බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය.”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *