හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව මර්දනය මර්දනය යැයි කියමින් කෑ ගසන අය පසුගිය මාස තුන තුළ මාලිමා ආණ්ඩුව යටතේ එවැනි මර්දනයක් සිදුවූයේ කොතන දැයි කිව යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ජවිපෙ සහ ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී හදිසි නීතියට විරුද්ධ වූ බව ද ඇය පෙන්වා දෙයි.
එලෙස විරුද්ධ වූයේ හදිසි නීතිය හරහා මර්දනයක් සිදුවූ අවස්ථාවල බව ද ඒ සඳහා තමන්ට නිශ්චිත උදාහරණ ඇතැයිද අගමැතිනිය අවධාරණය කළාය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ විවාදයට එකතු වෙමින් ඇය මේ බව කීවාය.