විපක්ෂෙට ඡන්ද කරන්න සල්ලි නෑ… ඉස්සර වගේ මෙගා රැලි නැත්තේ ඒකයි…! – සාගර…

November 8, 2024 at 10:09 am | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ හැර සෙසු පක්ෂවල මුදල් තත්ත්වය හොඳ නැති නිසා මැතිවරණ ව්‍යාපාරයක් පවතින බව නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

“ජනාධිපතිවරණයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ හැර සියලු පක්ෂවල මුදල් තත්ත්වය හොඳ නැහැ. ඒ නිසා ලොකුවට පේන්න මැතිවරණ ව්‍යාපාරය යන්නේ නැහැ. ගෙයින් ගෙට යාම වගේ දේවල් තමයි මේ පාර සිදුවෙන්නේ.

මේ රටේ ජනතාවට බොරු කියල, ජනතාව රවටල, මේ රට බේරගත්ත නායකයා, මේ රටට මිනී පෙට්ටි පෙරහැරවල් එන එක නවත්වපු නායකයා මේ රටට නිදහස දීපු නායකයා, අපේ යුගයේ ජාතික වීරයා වුණු මහින්ද රාජපක්ෂ කියන නායකයා, මේ රට නිදහස් කරපු නායකයා ඒ විතරක් නෙවෙයි නිදහසින් පසු මේ රටට ආර්ථික සංවර්ධනයක් ගෙනාපු යටිතල පහසුකම් සංවර්ධනය කරපු නායකයට හොරා හොරා කියල බොරුවට කියපු වැඩෙන් මෙහෙම වුණේ. හරියට අනගාරික ධර්මපාලතුමාට වුණා වගේ.

අපි කියන්නේ මේ රටේ ජීවමාන වීරයෙක් ඉන්නවා. ඒ වීරයාව පාච්චල් කරන්න එපා. එතුමාගේ නාමය නැති කරන්න එපා. එතුමා ගැන කියපු චෝදනා ගැන වහාම පරීක්ෂණ පවත්වන්න. ඔබලා කියනවා නම් උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියල, සීෂෙල්ස්වලට සල්ලි ගෙනිච්චා කියල, සිංගප්පුරුවට සල්ලි ගෙනිච්චා කියල ඔබලාට පුළුවන් තරම් ඉක්මනට මේ පරීක්ෂණ ආරම්භ කරලා එතුමාගේ නාමය නිවැරදි කරලා දෙන්න. ඒක තමයි රටට කරනන් පුළුවන් ලොකුම සේවය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *