විපක්ෂය නිදහස් උළෙල වර්ජනය කරයි…!

January 29, 2023 at 10:12 pm | by emanisa.lk

මෙවර ජාතික නිදහස් උත්සවයට සහභාගි නොවීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්‍ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජාතික නිදහස් උළෙල වියදම් අඩුවෙන් ඉතා සරලව පැවැත්විය යුතු යැයි එම පක්‍ෂවල අදහස වී ඇත.

රටේ පවතින විශාල ආර්ථික අර්බුදයට විසඳුම් සොයන මේ මොහොතේ නිදහස් උත්සවය සැමරීමට අධික මුදලක් වියදම් වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් විපක්‍ෂය මෙලෙස ජාතික නිදහස් උත්සවය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *