විපක්ෂයේ තවත් මන්ත්‍රී දෙකක් ජනපති සහායට…!

August 23, 2024 at 11:22 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීන්දු කර තිබේ.

සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර අංගජන් රාමනාදන් මහතා යාපනය නියෝජනය කරයි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ අතර සාරතී දුෂ්මන්ත පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ලෙස පත් කෙරුණි.

ඒ ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාට එම තනතුර අහිමිවීමත් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *