විපක්ෂයේ ඉද්දි කංසා ව්‍යාපෘතියට විරුද්ධ වුණේ හානිකර නිසයි.. දැන් හානියක් නෑ…! – නි. අමාත්‍ය මහින්ද ජයසිංහ…

August 16, 2025 at 12:16 pm | by Namal

අපනයන අරමුණු කරගත් කංසා වගා කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ යෝජනා වූවක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ වත්මන් රජයේ නියෝජිතයන් විපක්ෂයේ සිටි බැවින්, ව්‍යාපෘතියේ විභව හානිදායක පැති පිළිබඳව අවධානය යොමු කරමින් එයට විරුද්ධව කටයුතු කළ බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, වර්තමානයේදී එම හානිය වළක්වා ගනිමින් රටට ප්‍රයෝජනවත් අන්දමින් එම කටයුතු සිදු කරන්නේ නම්, ඊට ඉදිරියේදී සහය දැක්විය හැකි බව ද ඔහු අවධාරණය කරයි.

මිරිගම ආයෝජන කලාපය තුළ දැනට සමාගම් හතරක් සඳහා අවශ්‍ය ඉඩකඩම් වෙන් කිරීම පමණක් සිදුවී ඇති අතර කංසා වගාව මූලික වශයෙන් අපනයන කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස