විනිසුරු නිවසට හොරට විදුලිය සහ වතුර අරන්…!

June 19, 2024 at 8:26 pm | by emanisa.lk

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් මහේස්ත්‍රාත් නිල නිවසට නීති විරෝධී ලෙස විදුලිය සහ ජලය ලබා ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙය සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත් නිල නිවසේ විදුලි සහ ජල බිල් අධිකරණයේ බිලට එකතු කිරීම සඳහා බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙවැනි වරදක් සාමාන්‍ය පුද්ගලයෙකු කළේ නම් ඔහුට ඇපත් නොමැතිව බන්ධනාගාරගත වීමට සිදුවන බව ප්‍රකාශ කළ ඇමති විජයදාස රාජපක්ෂ මෙම අක්‍රමිකතාවලට එරෙහි අධිකරණ සේවා කොමිසන් සභාව කිසිවක් සිදුකර නොමැති බව ද ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *