රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ඇප මත මුදා හැර තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.
අනතුරු සිදුවන විට අශෝක රන්වල බීමත්ව සිටියේ ද යන්න පරික්ෂා කළ බවක් මෙතෙක් පොලිසිය නිවේදනය කර නොමැති නමුත් අද දහවල් දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණ් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ බීමත්ව නොසිටි බවයි.