වත්මන් ආණ්ඩුව ගතවූ කෙටි කාලය තුළ දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ බව නියෝජ්‍යා ඇමති නලින් හේවගේ සඳහන් කරයි.
ඉන් ලොකුම වැඩේ බිඳ වැටෙන රට බිඳ වැටීමෙන් නවත්වා ගැනීම බවයි, ඔහු ප්‍රකාශ කළේ. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කර ඇති බවත් විදේශ සංචිත ඩොලර් බිලියන හත දක්වා වර්ධනය කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
එම නිසා මාස ගාණකට භාණ්ඩ ගෙන ඒමට ලංකාවේ ඩොලර් සංචිත ඇති බව ද ඔහු පවසයි. පසුගිය වසර පහට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ තම ආණ්ඩුව යටතේ ගිය වසරේදී බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.්
ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.