විදේශ අමාත්‍ය අලී සබ්‍රිගෙන් අනුරට සුබ පැතුම්…!

September 22, 2024 at 1:46 pm | by emanisa.lk

විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්‍රි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සුබ පැතුම් ප්‍රකාශ කර තිබේ.

ඔහු X සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

“දීර්ඝ හා දුෂ්කර මැතිවරණ ව්‍යාපාරයකින් පසු මැතිවරණ ප්‍රතිඵලය දැන් පැහැදිලි වන අතර මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දැඩි ලෙස ප්‍රචාරක කටයුතු කළත් ශ්‍රී ලංකාවාසී ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති අතර අනුර කුමාර දිසානායකට ඔවුන් ලබා දුන් ජන වරමට මම සම්පූර්ණයෙන් ම ගරු කරමි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ කැමැත්තට ගරු කිරීම ඉතා වැදගත් වන අතර මම එය නොපැකිළව කරමි. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට මාගේ අවංක සුබ පැතුම් පිරිනමමි.

රටක් මෙහෙයවීම පහසු කාර්යයක් නොවන අතර, ඔවුන්ගේ නායකත්වය ශ්‍රී ලංකාවට ඉතා ගැඹුරින් ලැබිය යුතු සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇතැයි මම අවංකව ම බලාපොරොත්තු වෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *