විදුලි සේවක බෝනස් මත විදුලි බිලේ සහනය අඩු වන්නේ නෑ…! – නලින්ද ජයතිස්ස…

November 26, 2024 at 8:14 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මහා මැතිවරණයේ දී ද තමන් ජනතාවට පොරොන්දු වූ ආකාරයට විදුලි බිල දැනෙන ප්‍රමාණයකින් අඩු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත් වෘත්තීය සමිතිවලට ලබා දෙන බෝනස් මත විදුලි බල මණ්ඩල පාරිභෝගිකයන්ට ලබා දෙන සහනය අඩු නොවන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

විදුලි බල මණ්ඩලය අදාළ තත්ත්වය කළමනාකරණය කරමින් එළඹෙන දෙසැම්බර් 06 වෙනිදාට පෙර අදාළ සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දෙනු ඇති බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *