විදුලි සේවකයන්ට තර්ජනය නොකර ජාතියෙන් සමාව ගනු… පක්ෂෙට ගත් විදුලි සේවක කෝටි සීය ගාණක අරමුදල් ආපසු දෙනු…! – පාඨලී ජනපති අනුරට සැරට අමතයි.

September 18, 2025 at 6:51 pm | by emanisa.lk

විදුලි බල මණ්ඩලය කොටස් කිරීමේ යෝජනාව මුලින්ම ගෙන ආවේ 2002 වසරේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එදා සිට වසර 25ක් තිස්සේ ජවිපෙ වෘත්තීය සමිති ඊට එරෙහිව සටන් කරමින් ලංවිම සේවක මාසික පඩියෙන් රු. 200ක් බැගින් රු. කෝටි සිය ගණනක් සිය පක්ෂ අරමුදලට ලබාගත් බවයි.

එසේම 2015 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් කර ස්ථිර කළ 6000කට අධික Man Power සේවකයන්ට විදුලි පාරිභෝගිකයන්ගේ මුදලින් වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට සිදුව ඇති බව ද ලක්ෂ 70ක් වන විදුලි පාරිභෝගිකයන් ඊට එරෙහි විය යුතු බව ද පාඨලී චම්පික සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක කළ යුත්තේ විදුලි සේවකයන්ට තර්ජනය කිරීම නොව ජාතියෙන් සමාව ගෙන සිය පක්ෂයට විදුලි සේවකයන්ගෙන් එකතු කරගත් කෝටි සිය ගණනක මුදල නැවත ලබා දීම බව ද හෙතෙම අවධාරණය කරයි.

පාඨලී චම්පික වැඩි දුරටත් ප්‍රකාශ කළේ, යෝජිත විදුලි සමාගම් රජය යටතේම පවතින බවට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පට්ටපල් බොරු කියන බවත් එම සමාගම් කොටස් ඕනෑම වෙලාවක විකුණා දැමීමට හැකි වන ආකාරයට නීති සකස් කොට ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *