විදුලි බිල 40%කින් අඩු කරන්න පුළුවන්…! – පාඨලී

December 8, 2024 at 7:48 pm | by emanisa.lk

විදුලි බල මණ්ඩලය ඉදිරි හය මාසයේ වියදම් පිළිබඳ ප්‍රකාශ කරමින් විදුලි බිල අඩු කිරීමට නොහැකි යැයි කීම පිළිගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි බිල අඩු කිරීම හෝ වැඩි කිරීම තීන්දු කළ යුත්තේ පසුගිය හය මාසයේ ලාභ හෝ අලාභ හෝ මත මිස අනාගතය අනුව නොවන බවයි.

2023 වසරේ සිට මේ වසර දක්වා ලංවිම රු. බිලියන 263ක් ලාභ උපයා ඇති බවත් තවත් බිලියන 320ක ණය භාණ්ඩාගාරය ඔස්සේ ජනතාව දරාමින් ඇතැයි ද පාඨලි චම්පික සඳහන් කරයි.

මෙම වාර්තා පෙන්වමින් වසන්ත සමරසිංහ සහ නලින්ද ජයතිස්ස විපක්ෂයේ සිටින කාලයේ මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් විදුලි බිල 40%කින් අඩු කරන බව ප්‍රකාශ කළේ යැයි ද ඔහු පෙන්වා දෙයි. එසේම වර්තමාන ජනාධිපතිවරයා ද හෝමාගම පැවැති ජනාධිපතිවරණ රැලියක දී බලයට පැමිණි වහා විදුලි බිල 40%කින් අඩු කිරීමට පොරොන්දු වූ බවයි, පාඨලී චම්පික සිහිපත් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *