විදුලි බිල සංශෝධනයට සූදානම්…!

May 3, 2023 at 2:46 pm | by emanisa.lk

එළඹෙන ජුලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේ දී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද හෙතෙම පවසයි.

එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජුලි මාසයේ එය සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

පවතින ආර්ථික තත්ත්වය අනුව විදුලි බිල 25කින් පමණ අඩු වනු ඇතැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස