විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියට ද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.
කෙසේ වුව දතොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් හේවගේ යොමු කළ ලිපියකට ප්‍රතිචාර ලෙස විදුලිබල මණ්ඩලයෙන් ලද බව කියන ලිපියක සඳහන් වන්නේ නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය සඳහා මැදමුලන නිවස අවට විදුලි ආලෝකය ලබා දීම උදෙසා ලබා දුන් විදුලි ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බවය.