විදුලි බල මණ්ඩලේ ඉන්ධන ඉවරයි..! අද සිට විදුලි කප්පාදුව පැය 4යි…?

January 18, 2022 at 1:35 pm | by emanisa.lk

රට තුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේ දී පැය 4 ක් දක්වා වුවද ඉහළ යා හැකි බවත් විදුලි නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබා දී තිබූ ඉන්ධන අද අවසන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙක් නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් විදුලි ඉංජිනේරුවන් 500 ක් පමණ අද ලෙඩ නිවාඩු දැමූ බව කී එම නිලධාරියා ජනතාවට සහ රටට බලපෑමක් නොවන ආකාරයට මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බව ද සඳහන් කළේය.

ඉන්ධන ප්‍රශ්නය සහ ඉංජිනේරු සංගමයේ විරෝධය හේතුවෙන් විදුලිය අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *