විදුලි පද්ධතියේ ගැටලුව මාස දෙකක් තිස්සේ ඇමතිට කිව්වත් විසඳුවේ නෑ…! – අජිත් පී. පෙරේරා…

February 10, 2025 at 1:26 pm | by emanisa.lk

ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීමට ද රජයේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය රජයට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

පානදුරේ වඳුරෙකු නිසා ජාතික විදුලි පද්ධතිය මෙවැනි තත්ත්වයකට පත්වූ බව දැන සිටියේ නම් මාස දෙකක් තිස්සේ ඇමතිවරයා කුමක් කළේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එක දිගට ඉරිදි දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් නිරීක්ෂණය වන බව ඇමතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක ගත් ක්‍රියාමාර්ග මොනවා දැයි අජිත් පී. පෙරේරා විමසා සිටියි.

සියල්ලට ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ සිටිය දී කළ හැකි වුව ද ආණ්ඩුවේ සිටිය දී එය කිරීම කැත බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

සිය නිවසේ සිට අද (10) මාධ්‍ය හමුවක් අමතමින් අජිත් පී. පෙරේරා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *