විදුලි ගාස්තුව සියයට 20කින් පහත දැමීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ගත් හොඳ තීරණයක් බව එහි හිටපු සභාපති ජනක රත්නායක පවසයි.
“පහුගිය අවුරුදු 2 තුළ මම සටන් කළේ මේකටයි. වත්මන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හොඳ තීරණයක් ලබාදීලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක ඒ අයට ලැබෙන්න ඕන. රටේම ජනතාවට සෑහීමකට පත්වෙන්න පුළුවන් හොඳ තීරණයක්.
මට යන්න වුණෙත් මේ ගැන කතා කරන්න ගිහින්. වත්මන් කොමිසම මේ කරලා තියෙන්නෙ නීතිය අනුව බලාත්මක කිරීමයි. දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොරව කොමිසම ස්වාධීනව මේ තීරණය ලබාදීලා තියෙනවා.
සියයට 20ක් අඩු කරනවා කියන්නේ රුපියල් බිලියන 80කටත් වැඩි මුදලක්. ඒ වාසිය විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතුයි. ව්‍යාපාරිකයන්ට ලැබෙන ප්‍රතිලාභත් මහ ජනතාවට ලබාදිය යුතුයි.”