විදුලි ගාස්තුව 1/3කින් අඩුකරන්න රජය සාර්ථක ලෙස අවතීර්ණ වුණා… පළමු කාර්තුවේ හිඟය පියවන්න 12%කින් වැඩි කරනවා…! – කුමාර ජයකොඩි…

January 6, 2026 at 3:46 pm | by emanisa.lk

ඉදිරි වසර තුන ඇතුළත විදුලි ගාස්තු තුනෙන් එකකින් (1/3) අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය පොරොන්දු වූ පරිදි සාර්ථකව අවතීර්ණ වී සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ 2024 වසරේදී රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත්ව ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ මීළඟ ඉලක්කය වන්නේ විදුලි ඒකකයක පිරිවැය රුපියල් 25 දක්වා පහත හෙළීම බවයි. එම ඉලක්කය සපුරාගතහොත් සමස්ත විදුලි ගාස්තුව සියයට 32කින් අඩු කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

2024 ජුලි මාසයේ දී ඒකකයක පිරිවැය රුපියල් 37ක්ව පවතින අවධියක, වසර තුනක් තුළ විදුලි ගාස්තු සියයට 30කින් අඩු කරන බවට ජාතික ජන බලවේගය ලබාදුන් සහතිකය මත පිහිටා රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

2026 පළමු කාර්තුව සඳහා යෝජනා මේ අතර, 2026 වසරේ පළමු කාර්තුව සඳහා අපේක්ෂිත රුපියල් මිලියන 13,094ක මූල්‍ය හිඟය පියවා ගැනීම වෙනුවෙන්, විදුලි ගාස්තු සියයට 11.57කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සභාවට දැනුම් දුන්නේය.

ලෝක වෙළෙඳපොලේ පවතින තත්ත්වය මත ඉන්ධන වරායෙන් බාන මිලට කෙසේවත් ලබා දිය නොහැකි බවද රට තුළ බෙදා හරීමට විශාල පිරිවැයක් යන බව ද විපක්ෂ නායකවරයා ඒ ගැන විමසන්නේ සාමාන්‍ය දැනීමවත් නැතුව බවද කුමාර ජයකොඩි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *