විදුලි ගාස්තුව ඉහළට…! කප්පාදුව අදින් අවසන්…?

February 15, 2023 at 9:26 am | by emanisa.lk

මේ දක්වා සිදු වූ අඛණ්ඩ විදුලි කප්පාදුව අද (15) සිට අත්හිටුවීමට ඉඩ ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසම හා ලංවිම නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මහජන පීඩාව පිළිබඳ අවධානය යොමු කොට මෙම තීරණයට එළඹි බව වාර්තාවේ.

මේ අතර, විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක හැර සෙසු සාමාජිකයන් ගාස්තු සංශෝධනයට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *