විදුලි කප්පාදුව අවසන්…හෙට සිට අඛණ්ඩව විදුලිය….!

February 11, 2025 at 3:28 pm | by emanisa.lk

හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය.

පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා ඊයේ සහ අද පැය එකහාමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් යටතේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය අද දිනයේ ද ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *