ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජනේරු කුමාර ජයකොඩි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවක් නිසා රට පුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.
ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.
කොහොම වුනත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.
විදුලි බිඳවැටීම නිසා අපහසුතාවට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා”
කෙසේ වුව ද විදුලි බිඳ වැටුණු අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ විදුලි උප පොළක වඳුරෙකු ගැටීමෙන් මෙම විදුලි විසන්ධි වීම සිදුව ඇති බවයි.