විදුලිබල මණ්ඩලය සමාගම් 05කට කැඩීම සාධනීයයි…වර්ජන නොකර සහාය දෙන්න…! – ඇමති නලින්ද ජයතිස්ස…

September 5, 2025 at 10:33 am | by Namal

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියයට සීයක් රජය සතු සමාගම් හඳුන්වා දෙමින් විදුලිබල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවක වෘත්තීය සමිතිවල සහාය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විදුලිබල මණ්ඩලයේ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමිනි.

විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සහ ජනතාවට අඩු මිලට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලිබල මණ්ඩය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සියයට සීයක් රජය සතු සමාගම් 05ක් සඳහා, මෙම ප්‍රතිව්‍යහගත කිරීමේ යෝජනාව ඉදිරපත් වී ඇති බවයි.

ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී සහ පාරිභෝගිකයින්ට සහන සැලසීමේදී මෙම පියවරට යා යුතු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා වන්දි ලබා දීමේ සහ විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත්, අවශ්‍ය නම් ඒ අනුව ක්‍රියා කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

පසුගිය දා විදුලිබල ඇමති මෙම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර බවත් ඔවුන්ගේ ඉල්ලීමීවලට ඇහුම්කම් දුන් බවද හෙතෙම පැවසුවේය. විදුලිබල මණ්ඩය ඉදිරි පියවරක් තබන අවස්ථාවක, දේශපාලන හේතුන් මත වැඩවර්ජනවලට නොයා, මෙම කාරණය සඳහා සාධනීය දායකත්වය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *