විදුලිබල මණ්ඩලයට යළි අසාධ්‍යයයි… 2023 ලාභය රු. බිලියන 57යි… 2024 බිලියන 141යි.. 2025 පාඩුව බිලියන 38.74යි…!

November 20, 2026 at 3:59 pm | by emanisa.lk

2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව හෙළි වෙයි.

අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ලංකා විදුලි බල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 57.63ක සහ 2024 වසරේදී රුපියල් බිලියන 141.6ක ශුද්ධ ලාභයක් වාර්තා කළේය.

2025 වසරේදී විදුලිය අලෙවියෙන් රුපියල් බිලියන 422.21ක ආදායමක් උපයා ඇති අතර, එම වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 486.28ක් බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (19) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළේය.

2023 වසරේ විදුලි ගාස්තු සියයට 66.2කින් ඉහළ දැමීමෙන් අනතුරුව එම වසරේම නැවත සියයට 14.5කින් සහ සියයට 18කින් ද 2024 වසරේදී සියයට 22කින් සහ සියයට 22.5කින් විදුලි ගාස්තු අඩු කර ඇත. 2025 වසරේදී විදුලි ගාස්තු සියයට 20.8කින් අඩු කර පසුව සියයට 15කින් ඉහළ දමා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස