ජනප්‍රිය නළු විජය කුමාරතුංග ඝාතනය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
තමන් වඩාත් ප්‍රියකරන නළුවා වන විජය කුමාරතුංග ඝාතනය කළ දවසේ තම දෑසින් කඳුලු ගැලු බවයි, ලාල්කාන්ත සඳහන් කළේ.
කෙසේ වුව ද ජවිපෙ හිටපු ප්රබලයෙකු වන නන්දන ගුණතිලක සඳහන් කරන්නේ විජය කුමාරතුංග ඝාතනය සිය පක්ෂය දේශපාලන උවමනාව මත ගත් තීන්දුවක් බවයි.
විජය ඝාතනය පිළිබඳ සමාජය දැක්වූ ප්‍රතිචාරය හමුවේ “විජය යැව්වේ ඇයි?” නමින් පත්‍රිකාවක් බෙදීමට සිදු වූ බවත් සෝමවංශ අමරසිංහ ලංකාවට පැමිණ කළුතර පැවැත් වූ පළමු ජනහමුවේ දී ම ඒ පිළිබඳ කනගාටුව පළකළ බවත් නන්දන ගුණතිලක වැඩි දුරටත් පවසයි.
මේ අතර තවත් හිටපු ජවිපෙ සාමාජිකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ සඳහන් කරන්නේ පක්ෂයේ නියෝග ක්‍රියාත්මක කරමින් විජය ඝාතනය කළ ජවිපෙ සන්නද්ධ අංශයේ ලයනල් වීරසිංහ සහ ටාසන් රණසිංහ කුළී ඝාතකයින් තත්ත්වයට ඇද නොදමන ලෙසයි.