වැහිච්චි එක ගැනම කතා කරන අය අපි අරින ගාම්න්ට් පැක්ට්‍රී ගැන මීක් නෑ…! – ඇමති හඳුන්නෙත්ති…

May 24, 2025 at 10:18 am | by emanisa.lk

ඇඟළුම් කම්හලක සේවකයන් 1400ක් වැඩ කරන කොටසක් වසා දමන ලදැයි ගෝරනාඩු කරන පිරිස වත්මන් ආණ්ඩුව යටතේ විවෘත කරන ලද ඇඟළුම් කම්හල් ගැන මුණිවත රකින බවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.

“කටුනායක නෙස්ට් කියලා බ්‍රෑන්ඩ් පැක්ට්‍රියක් වහලා. ඒ සමාගමට පැක්ට්‍රි තුනක් තියෙනවා, නවගත්තේගම, ආඬිගම සහ කටුනායක. කටුනායක වහලා තියෙන්නේ එක කොටසක්. මේකේ මැහුම් අංශය වහලා තියෙනවා. සේවකයෝ 1400ක්. හරි, එතකොට ඇරපුවා නැද්ද වෙන. දැන් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් පැක්ට්‍රි කොච්චර අරිනවාද? ඇරලත් තියෙනවා.”

ඇමති හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *