අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වාට හදිසි ස්ථාන මාරුවක් ලැබී තිබේ. ඒ මහත් ආන්දෝලනයට තුඩුදුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරවැව ඇතුළු වැව් රක්ෂිත සලකුණු කරමින් සිටියදීය.
ඔහු අදාළ තනතුරට පත්ව වසරක් වැනි කෙටි කාලයක් බවත් ඒ කාලය තුළ ඔහු ජනතාව සහ වාරිමාර්ග සේවකයන් අතර ඉතාම ජනප්‍රිය නිලධාරියෙකු වූ බවත් වාර්තා වෙයි.
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී වැව් රක්ෂිත සලකුණු කිරීමේ සාකච්ඡාවල මැති ඇමතිවරුන් සමග ඍජුව පෙනී සිටි ජයන්ත ද සිල්වාට එම කටයුතු සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දී තිබේ.
මෙම ස්ථාන මාරුව පැහැදිලිව ම දේශපාලන උවමනාවන් මත සිදුකළ බවට වාරිමාර්ග සේවකයන් චෝදනා කරන අතර නුවර වැව් රක්ෂිතයේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පළිහේනගේ ඉඩමක් ද ඇතැයි ප්‍රකාශ කරයි.
මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා අනුරාධපුර නුවර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය වාහන සඳහා විවෘත කිරීමට ඇමති වසන්ත සමරසිංහ කළ යෝජනාවට ද එකඟ වූයේ නැත.