වැව් බැම්ම උඩින් වාහන යෑම නොයෑම තීරණය කරන්නේ අපි…වාරිමාර්ග අධ්‍යක්ෂ නෙමෙයි…! – ඇමති වසත්ත සමරසිංහ….

March 29, 2025 at 2:41 pm | by emanisa.lk

අනුරාධපුර නුවර වැවේ බැම්ම මතින් වාහනය ධාවනය කළ යුතු ද නැද්ද තීරණය කළ යුත්තේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මිස වාරි මාර්ග අධ්‍යක්ෂ නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඒ පසුගියදා (27) අනුරාධපුර දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුව රැස් වූ අවස්ථාවේ ය.

වසර 15කට අධික කාලයක් වසා ඇති නුවර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය සංචාරක ආකර්ෂණයට හේතු වන බැවින් තාක්ෂණික ගැටලුවක් නොමැති නම් විවෘත කළ යුතු බව එම කමිටු සභාපති වසන්ත සමරසිංහ පෙර කමිටු රැස්වීමක දී යෝජනා කර තිබිණි.

එහි දී කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ වාරි මාර්ග අධ්‍යක්ෂතුමා එම කරුණු සලකා බලා තව දුරටත් වැව් බැම්ම ගමනාගමනයට විවෘත කළ නොහැකි බවත් සංචාරකයන්ට එහි පාපැදිවලින් සහ පා ගමනින් යෑම සඳහා අවසර ලබා දීමට තීන්දු කළ බවයි.

මෙම වැව් බැම්ම වසර 100ක පමණ කාලයක ප්‍රමාණවක් ප්‍රතිසංස්කරණයක් සිදු නොකර ඇති නිසාත් කිහිප ස්ථානයක ජල කාන්දු සිදුවීමත් එය පටු වීමත් වාහන දෙකකට හුවමාරු වීමට ප්‍රමාණවත් නොවීමත් ඊට හේතු ලෙස ප්‍රකාශ විය.

වැව් බැම්ම මතින් වාහන ගමනාගමනයේ අවශ්‍යතාවක් නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂට තීන්දු කළ නොහැකි බවත් එය එසේ නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් පලක් නොමැති බවත් ඇමති වසන්ත සමරසිංහ එහි දී අවධාරණය කළේය.

එහි දී කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මෙම කරුණු සියල්ල වාරි මාර්ග අධ්‍යක්ෂ වෙත යොමු කරන බවත් තමා වැඩ කරන්නේ වාරිමාර්ග අධ්‍යක්ෂගේ නියෝග අනුව බවත්ය. එසේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවවේ උවමනාවට අදාළ මාර්ගය විවෘත කර වැව් බැම්ම කඩා ගෙන ගියහොත් තමන් වග නොකියන බව ද කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *