වැලිකොට්ටවලින් වැව් හදන්න බැරි කතාව බොරුවක්… අපි වැලි කොට්ට 150 000ක් ගහලා වැව් 65ක් හැදුවා….! – ඇමති වසන්ත සමරසිංහ…

December 21, 2025 at 2:53 pm | by emanisa.lk

ගං වතුර ආපදාවෙන් බිඳ වැටුණු වැව් ගොඩනැඟීමට වැලි කොට්ට එක්ලක්ෂ පනස්දහසකට වඩා භාවිත කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“සමහරු කියනවා වැලිකොට්ට දාලා වැව් හදන එක හරි යන්නේ නෑ කියලා. අනුරාධපුරේ එක වැවක් වැලි කොට්ට 18 000ක් ගහලා අපි නවත්ගත්තේ. වැලිකොට්ට එක්ලක්ෂ පනස් දහසකට වඩා පාවිච්චි කරලා තියෙනවා අපි වැව් 65ක් හදන්න.”

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආපදා කළමනාකරණ විවාදයට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *