රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
අද (22) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
තම අමාත්‍යාංශය පැත්තෙන් යම් නිලධාරියෙක් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම් හරහා විමර්ශනයක් කොට අදාල ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් කළේය.
රටක් විදියට නැගිටින්න නම් මෙරට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබා දිය යුතුව තිබෙන බව පැවසූ අමාත්‍යවරයා හරියට රැකියාව නොකරන කෙනාට දඬුවම් දෙන්නත් රැකියාව කරන කෙනාට ඇගයීම් කරන්නටත් හැකි ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රට ඉදිරියට ගෙනියන්න බැරි බව කීය.